0

නිවසක් ඉදිකිරීමේදී පරීක්ෂාවට ලක් කළ යුතු ප්‍රධාන අෂ්ඨ දස වේද දෝෂ

සුභ දවසක්

 අද මම ඔබලාට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ප්‍රධාන අෂ්ඨ  දස වේද දෝෂ වලින් එකක් වන ස්ථම්භ වේද දෝෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමටයි

 මොකක්ද මේ ස්ථම්භ වේද දෝෂය කියන්නේ  ඇත්තටම කියනවා නම් ගෙදර ප්‍රධාන  දොරට ඉදිරියෙන් තිබෙන්නාවූ  කණුවක් විශේෂයෙන් වැරැන්ඩා    කණුවක් දේවතා පහනක් දැල්වීමට යොදාගන්නා කණුවක් වගේ දෙයක් හැඳින්වීමට පුළුවන්

  වාස්තු විද්‍යාත්මකව මෙය ප්‍රධාන දෝෂයක් ලෙස සලකනු ලබනවා සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාත්මක නොවන  ලෙසින් සලකා බැලුවත් එය   ප්‍රධාන දෝෂයක්  ලෙස සැලකීමට ලක් කළ යුතුයි, මොකද නිවසට ඇතුළුවන තැනම බාධකයක් තිබීම නිවසට  ඇතුළුවීමට බාධාවක් වන බව හොඳින්ම දන්නා කාරණයක්

වාස්තු විද්‍යාත්මකව සොයා බැලීමේදී එහි හිමියන්ගේ සෞභාග්‍යය  හීන වී යාමට ඒ වගේම ලෙඩ රෝග ඇති කිරීමටත් මෙය  හේතුවක්  වීමට පුළුවන්

   ප්‍රධාන වශයෙන්ම  ගේ හිමියන්ගේ සෞඛ්‍යය තත්ත්වයට  මෙය බලපායි,  විශේෂයෙන්  කොඳුඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇතිවීමේ හැකියාවක් තිබෙනවා ඉතින් ඔයා මෙය ඉතා ඉක්මනින්ම නිවැරදි  කර ඔබලාගේ යහපත් දිවි පැවැත්ම ඉතාමත්ම සුබවාදීව  පවත්වා ගන්නා මෙන් ඉල්ලා සිටිමි

ඒ පිළිබඳව වැඩිදුර අදහස්  ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ සම්බන්ධතා  පිටුවට ගොස් ඔබගේ අවශ්‍යතාවය සඳහන්කොට එය අපට ලබා දෙන්න, එසේ නැත්නම්   Forum ඇතුළත්  පිටුවට ඔබගේ ප්‍රශ්න  ඇතුළත් කිරීමේ හැකියාව  ඇත.

 ස්තුතියි 

Vaasthu Guide

Leave a Reply

Your email address will not be published. Required fields are marked *